හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු අද (26) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
පසුගිය අප්‍රේල් (30) වනදා මෙම නඩුවල තීන්දු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, මෙම නඩුවල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස (26) වනදා සිදු කරන බව නිවේදනය කළේය.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර ඇත.
