ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින්, අමෙරිකානු මිලිටරිය විසින් ඊයේ රාත්‍රියේ නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව අමෙරිකානු නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.

මෙවැනිම තර්ජනයක් එල්ල කළ ඉරාන නියමුවන් රහිත ඩ්‍රෝන යානා කිහිපයක් ද අමෙරිකානු හමුදාව විසින් වටලා බිම හෙළා ඇති බවද එම නිලධාරියා සඳහන් කරයි.

දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ලෝක බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇදී යන මෙම යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර මෙම නවතම ප්‍රහාර එල්ල වී ඇත.

අමෙරිකානු හමුදාවන්ට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන වාණිජ නාවික ගමනා ගමනයට තර්ජනයක් යැයි සැකකෙරෙන ඉරාන හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ඉදිරියේදී ප්‍රහාර එල්ල කරන බවද සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments