මේ වනවිට හමුදා පාලනයක් යටතේ ඇති මියන්මාරයේ ගම්මානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 55 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාරයේ අදාළ ගම්මානය චීන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති බවත් කැරලිකාර කණ්ඩායමක් විසින් එය පාලනය කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පතල් කැණීමේ කටයුතු සඳහා ගබඩා කර තිබූ පුපුරණ ද්‍රවය තොගයක් අත්වැරදීමකින් පුපුරා ගොස් ඇතැයි සැක පළ කරයි.
