කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.
එම හදිසි වැටලීමේදී නිවසක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් හමුවී ඇති අතර එම මත්ද්‍රව්‍ය සමග නිවසේ හිමිකාරිය වු වයස අවුරුදු 81ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී එම සැකකාරියගේ පුත්‍රයා නිවසේ සිට පලාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසිය විමර්ශන සිදුකරයි.
