තලංගම, අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මාලදිවයිනේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (04) දින පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබීය.
ඝාතනය සිදුකළ වෙඩික්කරුවන් සඳහා මෝටර් රථයක් සහ ප්‍රවාහන පහසුකම් සලසා ඇත්තේ මෙම සැකකරු විසින් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දිවයිනට රැගෙන ආ මෙම සැකකරු විමර්ශන කටයුතු සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
