Advertisements

උසස් ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක්.. නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට

ශ්‍රී ලංකා රජය සහ සෞදි අරාබි රාජ්‍යයේ ඒකාබද්ධ මුල්‍ය ප්‍රදානයන් යටතේ ඉදි කළ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අද (04) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මෙම නව වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 2876ක පමණ මුදලක් දරා ඇති අතර සෞදි රාජ්‍ය විසින් රුපියල් බිලියන 15කට ආසන්න මුදලක් ලබාදී ඇත.

මෙහි සිසුන් 500කට එකවර නේවාසිකාගාර පහසුකම් ලබාදිය හැකි නේවාසිකාගාරයකින් සහ සිසුන් 1060 දෙනෙකුට එකවර අසුන් ගත හැකි ශ්‍රවණාගාරයකින් හා පරිපාලන ගොඩනැගිල්ලකින්ද සමන්විත වේ.

අසුන් 250කින් සමන්විත දේශන ශාලා දෙකක්, සිසුන් 200කට අසුන් ගත හැකි දේශන ශාලාවක්, සිසුන් 160කට ආසන්න සංඛ්‍යාවකට අසුන්ගත හැකි දේශන ශාලා තුනක් වශයෙන් සමස්ත දේශන ශාලා හයක් මෙහි අන්තර්ගතව ඇත.

තවද සායනික මධ්‍යස්ථානයකින් සහ පුස්තකාල, ආපනශාලා සහ කාර්ය මණ්ඩල නේවාසිකාගාර වැනි නොයෙකුත් පහසුකම් දක්නට ලැබෙන මෙම වෛද්‍ය පීඨ පරිශ්‍රය අක්කර 20ක භූමි ප්‍රමාණයක් දක්වා විහිදී ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest