Advertisements

මීගමුව බන්ධනාගාර ගැටුම විමර්ශනයට කමිටුවක්

LIVE

ඊයේ (05) දින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත් කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා විසින් අදාළ විමර්ශන කමිටුව පත් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සදහන් කරයි.

රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඩුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර පස්වරු 1.00ට පමණ මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර තවත් රැඳවියන් 34දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ දෙදෙනකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

තවද බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලයක් මත නැග විරෝධතාවයක නිරත වු අතර ඉන් ඇදවැටී තවත් රැදවියන් සිව් දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest