අද (06) දින මීගමුව බන්ධනාගාරය තුළ යළි ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් දෙදෙනෙකු ආරක්ෂක නිලධාරීන් වේ.
බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවත් එහිදි බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
ගැටුමෙන් තුවාල ලැබූ 35ක පමණ පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ නිලධාරීන් බව සඳහන් වේ.
තත්ත්වය පාලනය කිරීමට මීගමුව පොලීසියට අමතරව මීරිගම, වේයන්ගොඩ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින් නිලධාරීන් කැඳවීමට කටයුතු කර ඇත.
