අමෙරිකාව විසින් ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේදී කටාර් රාජ්‍යයට අයත් LNG ප්‍රවාහන නෞකාවක් සහ සෞදි අරාබියට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඇතුළු වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව අමෙරිකාව සඳහන් කරයි.
ඒ අනුව ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) විසින් දකුණු ඉරානයේ සිරික් (Sirik), බන්ඩර් අබ්බාස් (Bandar Abbas) සහ කේෂ්ම් (Qeshm) දූපත අවට පිහිටි ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති, වෙරළබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන, සහ මිසයිල හා ඩ්‍රෝන දියත් කිරීමේ කඳවුරු ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
මේ අතර ඉරානයට ලබාදී තිබූ තෙල් අපනයන සම්බාධක සහනය අවලංගු කිරීමට අමෙරිකාව පියවර ගෙන ඇත.
