Advertisements

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන රජය ගත් තීරණය

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුව ඇති බවත් විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම තුළින් රජය බලාපොරොත්තු වනුයේ උසාවිවල ගොඩ ගැසී ඇති නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරීම බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ තුළින් රටේ ජනතාවට අධිකරණය සහ නීතිය සම්බන්ධව විශ්වාසය තහවුරු කිරීමට රජයේ අපේක්ෂාව බවද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

ඒ ගැන සාකච්ඡාවක් හැමතැනකම පවතිනවා. මීට වසරකට කලින් පාර්ලිමේන්තුවෙත් කමිටුවක් දාලා මේ ගැන යෝජනා අරගෙන තිබුණා. එහිදීත් යෝජනා අරන් තිබුණා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන්.

මේක සමාජයේ පවතින පොදු කතා බහක්. මගේ ක්ෂේත්‍රය ගත්තොත් මම දැක්කා හෙද සංගම් දෙකක් කියලා තියෙනවා හෙද නිලධාරීන්ගේ වයස වැඩි කරන්න ඕනේ කියලා. සමහර පරිපාලන නිලධාරීන්ගේ ඒ පැත්තෙන් ඉල්ලීම් ඇවිත් තියෙනවා.

විවිධ ක්ෂේත්‍රවලින් මේ සම්බන්ධව ඉල්ලීම් ඇවිල්ලා තිබෙනවා සංගම් හැටියට, පුද්ගලයින් හැටියට. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබෙනවා මේ නඩු කටයුතු අවසන් කරලා ජනතාවට අධිකරණ වලින් වන සේවය ඉහළින්ම ලබාදිය යුතුයි කියන එක.

අපිට මේ මොහොතේ කළ හැකි එක කාරණයක් තමයි විනිසුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කිරීම. ඒකට අපි කටයුතු කරමින් පවතිනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සිට අග්‍රවිනිශ්චයකාරයාගේ සිට මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවන් දක්වා වයස වැඩි කිරීම සම්බන්ධව යෝජනාවක් ඇවිත් තිබෙනවා.

මේකේ අවසාන පරමාර්ථය වෙන්නේ උසාවිවල ගොඩගැහිලා තිබෙන නඩු ඉක්මන් කරලා ජනතාවට පහසුවක්, සහනයක් සැලසීම සහ ජනතාවට අධිකරණය සහ නීතිය සම්බන්ධව තිබෙන විශ්වාස තහවුරු කිරීම.”

Advertisements
0 Comments
Most Voted
Newest Oldest