මහර බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයේ දේපොළ රැසක් විනාශ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 15කට අධික බව වාර්තා වේ.
බන්ධනාගාරයේ වාට්ටු හැර සියලු පරිපාලන ගොඩනැගිලි, කාර්යාල, ජල සැපයුම්, වැසිකිලි සහ වැසිකිලි වලවල් පවා විනාශ කර ඇත.
තවද මුළුතැන්ගෙය, අලුතින් විවෘත කළ පුනුරුත්තාපන ගොඩනැගිල්ල, පුනුරුත්තාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය සහ බන්ධනාගාර රෝහල විනාශ කර ඇත.
බොහෝ ගොඩනැගිලි වල උළු බිඳී, වහලට දැඩි ලෙස හානි සිදුකර ඇති බවත් බන්ධනාගාර පුනරුත්ථාපන වැඩසටහන් වලදී මැහීම් කටයුතු සඳහා භාවිත කරන උපකරණ රැසක් රැඳවියන් විනාශ කර ඇත.
සිද්ධිය ඇතිවූ ඊයේ මධ්‍යම රාත්‍රීය වනතුරුම රැඳවියන් බන්ධනාගාර පරිශ්‍රයේ සිට පිටතට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර එම ගල‍් ප්‍රහාර නිසා බන්ධනාගාරය අවට නිවාස කිහිපයකට හානි සිදුව ඇත.
මෙම බන්ධනාගාර ගැටුමට හේතුව සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

