අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කය – පන්විල සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කය දෙහිඕවිට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කය – නිවිතිගල සහ කුරුවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර 1 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත යන ප්‍රාදේශීය කොට්ඨාස ,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටින්තොට සහ අරණායක,නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර,රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර 2 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය අද (03) උදෑසන 09.00 සිට හෙට (04) උදෑසන 09.00 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

