පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනා වලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මරණ දඬුවම නියම කළේය.
ඒ අනුව මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් සඳහා ලබාදෙන විශේෂිත ඇඳුම වන කොටු රෙද්ද සහ කමිසය පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට වෙත ලබාදී ඇත.
තවද පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට බන්ධනාගාරය තුළදී විශේෂ පහසුකම් ලබාදී නොමැති අතර ඔවුන්ගේ පවුලේ අයට සතියකට වරක් බැලීමට අවසර ලබාදී ඇත.
කෙසේ වෙතත් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට පවුලේ අය බැලීමට පැමිණීමේදී පිටින් කෑම ගෙන ඒම තහනම් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය කෑම බන්ධනාගාරයෙන් ලබාදෙයි.
හේමසිරි ප්‍රනාන්දු සිරකරුවන් 40ක් පමණ රැදී සිටින වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවකට යොමුකර ඇති අතර පූජිත් ජයසුන්දරගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් වාට්ටුවකට යොමුකර ඇත.

