අද (14) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
එනිසා වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එළිමහනේ අධික ලෙස වෙහෙසකාරී කටයුතු වලින් වළකින ලෙසත් වැඩිපුර ජලය පානය කරන ලෙසත් වැඩබිම්වල සේවය කරන්නන් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා ළමුන්, වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර පවතින උණුසුම් කාලගුණයත් සමග මානසික රෝගින් වාර්තා වීම ඉහල ගොස් ඇතැයි ගාල්ල ජාතික රෝහලේ මානසික රෝග විශේෂඥ රූමී රූබන් සඳහන් කරයි.
විශාදය, කාන්සාව වැනි රෝගද උශ්ණත්වය ඉහල යාමත් සමග වාර්තා වන බවද මානසික රෝග විශේෂඥ රූමී රූබන් සඳහන් කරයි.
