Advertisements
Advertisements

ආසියාව හොල්ලන්න හදන ලංකාවේ ගෑස් සහ තෙල්.. අලුත්ම අනාවරණයක්

LIVE

තෙල් සහ ගෑස් නිධි මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා වූ මුහුදු තීරයේ පවතින බවත් ඉන් ඉතා උසස් තත්ත්වයේ ගෑස් නිධි දෙකක් දැනටමත් හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මන්නාරම් ද්‍රෝණියේ කැණීම් කරන ලද ගවේෂණ ළිං හතරෙන් දෙකකම සාර්ථක ලෙස ගෑස් නිධි හමුවී ඇති බවත් ලෝක මට්ටමින් ගවේෂණ ළිං 20-25ක් කැණීමේදී ළිං 2ක් හෝ 3ක් පමණක් සාර්ථක වුවද, ශ්‍රී ලංකාවේ මෙම සාර්ථකත්වය 50%ක ඉහළ මට්ටමක පවතින බවද මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මෙම ගෑස් නිධි මුහුදු පතුලේ සිට මීටර් 3000ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවත් ඒවා වසර මිලියන ගණනක් පැරණි ලාවා තට්ටුවලට යටවී ආරක්ෂිතව පවතින බවද මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මන්නාරමේ සිට දකුණු දෙසට පානදුර දක්වා වූ ගැඹුරු මුහුදේ පෙට්‍රොලියම් නිධි පවතින බවට දත්ත මගින් තහවුරු වී ඇති බැවින්, ඉදිරියේදී එම ප්‍රදේශ වලද ගවේෂණ කටයුතු සිදු කිරීමේ වැදගත් බවද මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මෙම ස්වභාවික සම්පත් නිසි ප්‍රයෝජනයට ගැනීම හරහා මෙරට බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාගත හැකි බවත් පිටරටින් ගෑස් ගෙන්වීම වෙනුවට දේශීය සම්පත් භාවිතයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

ලංකාවේ අපට ගෑස් සහ තෙල් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත හැකි බවත් එය ලංකාවේ ආර්ථිකයට හොද පිම්මක් පැනීමට හොදම අවස්තාවක් බවද මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ,

නෝපෙක් ආයතනයෙන් ගත්ත භූවිද්‍යා දත්ත විශ්ලේෂණය කරලා එහි වාර්තාව භාර දෙන්න ආව මයිකල් කැට්ස් කියන ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා මට කිව්වා අපේ ලංකාවට විශාල තෙල් නිධි තියෙන බව දැන් වාර්තා වෙනවා කියලා. ඒවගේම විශ්ලේෂනයෙන් දැනගත්තා ලංකාවට ගෑස් සහ තෙල් නිධි තියෙනවා කියලා. ඒ නිසා විශ්වවිද්‍යාලයේ පෙට්‍රෝලියම් ජියොලොජි ගැන අලුත් කෝස් යුනිට් එකක් පටන් ගන්න කියලා මගෙන් ඉල්ලා සිටියා.”

අද වෙනකොට අපි අවුරුදු විසි හයක් තිස්සේ මේ විෂයෙන් අපේ ශිෂ්‍යයින් සන්නද්ධ කරලා තියෙනවා. ඒ නිසා ලංකාවේ අවශ්‍ය භූ විද්‍යාඥයින් දැනට ඉන්නවා පෙට්‍රෝලියම් තාක්ෂණය සඳහා. ඒ වාර්තා වලින් පෙන්නුම් කළේ ලංකාවේ ගෑස් සහ පෙට්‍රෝලියම් මුලාශ්‍ර තියෙනවා කියලා. ඒවා පදනම් ගරගෙන එවකට රජයන් කොටස් කිහිපයක් බෙදා දුන්නට පස්සේ ඒවා ගවේෂණ ලිං හෑරුවා.”

ගවේෂණ ලිං හතරක් හාරලා ඒ හතරෙන් දෙකකම ඉතා හොඳ ගෑස් නිධි දෙකක් වාර්තා වුණා. ඒකෙන් පෙන්නුම් කරන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ පෙට්‍රෝලියම් ගවේෂණ ලිං විස්සක් විසිපහක් හෑරුවාම දෙක තුනකින් තමයි වාර්තා වෙන්නේ සාර්ථකයි කියලා. නමුත් මෙතැනදී සියයට 50ක ඉතා හොඳ වාර්තාවක් අපිට ලැබුණා. ගෑස් නිධි තියෙන බවට.”

2 Comments
Most Voted
Newest Oldest