LIVE
මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායක වී, මේ මහපොළොවටම පස්වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
දරුවන්ට හොඳ අනාගතයක් උරුම කරදී, මේ රට සුන්දර රටක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.
“අපේ අපේක්ෂාව ඔබට වඩා හොඳ ජීවිතයක් උරුම කරදීමයි. ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් උරුම කරදී මේ රට වඩා සුන්දර රටක් බවට පරිවර්තනය කිරීමයි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ සහාය අපි අපේක්ෂා කරනවා. මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායක වී, මේ මහපොළොවටම පස්වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම අපි ඉටු කරනවා.”
