බටහිර – මධ්‍යම සහ ඊට යාබද නැගෙනහිර – මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය, බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි පැය 24 තුළ එය ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා තවදුරටත් වර්ධනය වී උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා දැඩි අවධානය පිණිස මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 – 65 දක්වා වැඩි වන අතර මුහුද විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව සඳහන් කරයි.
ගිගුරුම් සහිත තද වැසි සමඟ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත් වනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
