යුක්තිය අඬක් ඉටුවේ.. පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුව

LIVE

2019 අප්‍රේල් (21) වනදා මේ රටේ අහිංසක මිනිසුන් 224 දෙනෙකුට ජීවිත අහිමි කළ, 584 දෙනෙකුගේ ලෙයින් මේ පොළොව තෙත් කළ තිරිසන් මිලේච්ඡ අපරාධය සැලසුම් කළ සියලු දෙනාම නීතිය හමුවේ නිර්වස්ත්‍ර කළ යුතුයි.

2019 මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 15 දෙනකු වරදකරුවන් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) තීන්දු කළේය.

කෙසේ වෙතත් ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 9 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වු අතර නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණේය.

අවසන් නිගමනය ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ,

සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසු විනිසුරුවරුන් තිදෙනාගේම ඒකමතික තීන්දුවක් ලෙස මෙම නිගමන වලට එළැඹ තිබෙනවා. ඒ අනුව මෙම නඩුවේ පළමු, දෙවන, තෙවන,සිව්වන, පස්වන, හයවන, හත්වන, අටවන, නවවන, දහවන, එකොළොස්වන, පහළොස්වන, දහසයවන, දාහත්වන සහ දහඅටවන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඉදිරිපත් කර ඇති බවට විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කරනු ලබනවා.

කෙසේ වෙතත් දොළොස්වන, දහතුන්වන, දාහතරවන, විසිවන, විසිඑක්වන, විසිදෙවන, විසි තුන්වන, විසි හතරවන සහ විසිපස්වන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වී ඇති බැවින් ඔවුන් නිදොස්කොට නිදහස් කිරීමට තීන්දු කරනු ලබනවා.”

ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබාදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනාට සිරදඬුවම් නියම කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220ක්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින් බරපතළ සිරදඬුවම් නියම කර ඇත.

පළමුවන විත්තිකරු හට වසර 220ක සිරදඬුවම් නියම කර ඇත.

දෙවන විත්තිකරු හට වසර 240ක සිරදඬුවම් නියම කර ඇත.

තුන්වන විත්තිකරු හට වසර 240ක සිරදඬුවම් නියම කර ඇත.

හතරවන විත්තිකරු හට වසර 240ක සිරදඬුවම් නියම කර ඇත.

පස්වන විත්තිකරු හට වසර 240ක සිරදඬුවම් නියම කර ඇත.

හයවන විත්තිකරු හට වසර 200ක සිරදඬුවම් නියම කර ඇත.

හත්වන විත්තිකරු හට වසර 200ක සිරදඬුවම් නියම කර ඇත.

අටවන විත්තිකරු හට වසර 260ක සිරදඬුවම් නියම කර ඇත.

නවවන විත්තිකරු හට වසර 220ක සිරදඬුවම් නියම කර ඇත.

දසවන විත්තිකරු හට වසර 220ක සිරදඬුවම් නියම කර ඇත.

එකලොස්වන විත්තිකරු හට වසර 200ක සිරදඬුවම් නියම කර ඇත.

පහලොස්වන විත්තිකරු හට වසර 200ක සිරදඬුවම් නියම කර ඇත.

දහසය වන විත්තිකරු හට වසර 220ක සිරදඬුවම් නියම කර ඇත.

දහඅට වන විත්තිකරු හට වසර 220ක සිරදඬුවම් නියම කර ඇත.

දහනමය වන විත්තිකරු හට වසර 200ක සිරදඬුවම් නියම කර ඇත.

තවද විත්තිකරුවන් සතු නිශ්චල හා චංචල දේපොළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර ඇත.

මේ අතර පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනා වලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මරණ දඬුවම නියම කළේය.

තවද, 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි සහ සාධාරණ සැකය මත රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව සුරේෂ් සලේ දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරනු ලැබූ අතර මේ වනවිට මෙම නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතී.

0 Comments
Most Voted
Newest Oldest