ඥනසාර හිමි අත්අඩංගුවට ගන්න කියයි

LIVE

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇත.

පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසත් ඔක්තෝබර් (01) වැනිදා විත්තිකාර ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එම නියෝගයේ සඳහන් වේ.

ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් අද (29) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. 

මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම මෝසම කැඳවා ඇති අතර එම අවස්ථාවේදී ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

2 Comments
Most Voted
Newest Oldest