“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන (16) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.
ශිරන්ති රාජපක්ෂගේ වැඩිදුර වෛද්‍ය වාර්තා ලබන (16) වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බව සඳහන් කළේය.

