මිනිස්සු අපිට හූ කියනවා.. ඥනසාර හිමිට සමාව දෙන්න.. නැත්නම් ජනාධිපති ගෙදර යන්න

තමන්ට බස් වලින් සහ වාහන වලින් ගමන් කරනා පුද්ගලයන් “හූ” කියාගෙන යන බවත් තමන්ට අවශ්‍ය නම් කොළඹම වැසිය හැකි නමුත් තමන් එසේ නොකරන බව බලංගොඩ කස්සප හිමියෝ පවසයි.

නුවර ඉඳන් පාගමනින් භික්ෂූන් වහන්සේලා මේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේ ඥානසාර හාමුදුරුවන්ට කොන්දේසි විරහිතව නිදහස ලබා ගැනීමේ අභිලාෂයෙන් බවද බලංගොඩ කස්සප හිමියෝ පවසයි.

එනිසා වහාම ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදිය යුතු බවත් එසේ කිරීමට නොහැකි නම් ජනාධිපතිවරයා ගෙදර යා යුතු බවද බලංගොඩ කස්සප හිමියෝ පවසයි.

මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විරෝධයට අදාලව උසාවි නියෝගයක් ලබා ගෙන ඇති පසුබිමක බලංගොඩ කස්සප හිමියෝ මේ බව පවසයි.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධයේ නිරත වන බලංගොඩ කස්සප හිමි සඳහන් කළේ,

“අපි නුවර ඉඳන් පාගමනින් අරණ්‍යවාසී, ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේලා දහසකට අධිකව මේ ජනාධිපති ලේකම් කාර්යාලයට ආවේ ඥානසාර හාමුදුරුවන්ට කොන්දේසි විරහිතව නිදහස ලබා ගැනීමේ අභිලාෂයෙන්. ඒ නිදහස ලබා දෙන්න වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව බැඳිලා ඉන්නවා. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවෙනි වගන්තිය කියලා කියන්නේ.”

“අපිට ඕන නම් මේ මුළු කොළඹම වහන්න පුළුවන්. හැබැයි අපිට එහෙම කැලඹිලි හදන්න ඕනේ නෑ. ජනාධිපතිතුමනි, ඔබතුමා, ඔබතුමාගේ රට පාලනය කරගෙන යන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔබතුමා ආණ්ඩු කරන්න, ඒ ප්‍රශ්නෙකුත් නෑ. හැබැයි බුද්ධාගමට, බුද්ධ ශාසනයට, චීවරයට ගහන්න හදන්න එපා.”

“අනිත් කාරණය මේ තැන්වලින් පොලීසිය මහත්තුරු ඉද්දි බස්වලින් වාහන වලින් හූ කියාගෙන යනවා, එක්කෙනෙක් දෙන්නෙක්. හරිද.? මේ සිවුරට ආයේ මේ රටේ හූ කියන්න බෑ. මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යැයි කියාගත්තු 2.50 හේ ඇත්ත මම මේ කියන්නේ සදාචාර සම්පන්න මාධ්‍යවේදීන්ට නෙමෙයි, මේ කාමරයක් ඇතුලේ කැමරාවක් අටෝගෙන ක්ලිප් ෆෝන් එකක් ගහගෙන ඔහේ කුණුහරප කියන අසභ්‍ය වදන් කියන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.”

5 Comments
Most Voted
Newest Oldest