2025, 2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් නොවැම්බර් (30) වන දිනට පෙර ආදායම් බදු වාර්තා ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම නියමිත කාලයට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම තුළින් ඇති වන අපහසුතා මගහරවා ගත හැකි බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025, 2026 තක්සේරූ වර්ෂය සඳහා සිය ආදායම් බදු වාර්තා මාර්ගගත ක්රමය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධව වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීමක් අවශ්ය වන්නේ නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
