සත්‍යග්‍රහය අවසන්.. අට්ටාල ගලවාගෙන පිරිස ගාලු මුවදොරින් පිටව යයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබු නියෝගයත් සමගම ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කිරීමට සත්‍යග්‍රහයේ නිතර පිරිස් කටයුතු කර ඇත.

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණ අතර ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

අනතුරුව එම අධිකරණ නියෝගය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලාට කියවා භාර දීමට පොලිසිය පියවර ගත්තේය.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වු සියලු පිරිස එම ස්ථානයෙන් ඉවත් වී පිටව ගියේය.

1 Comment
Most Voted
Newest Oldest