රටම ආදරය කළ කාවන්තිස්ස ඇත් රජු සමුගනී

රටේ ජනතාව අතර අතිශය ජනාදරයට පත්ව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියගොස් ඇත.

සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී හමුවු හස්තිරාජයාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය (24) වැනිදා පස්වරුවේ සිට ප්‍රතිකාර ආරම්භ කර ලදී.

පාදයේ තුවාලය යම්තාක් දුරට සුවවී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව සඳහන් කරයි.

කාවන්තිස්ස හස්තිරාජයා මෙරට සිටින විශාලතම සහ උසම ඇත් රජෙකු ලෙස සැලකෙන අතර ඇතා ගල්ගමුව ප්‍රදේශයේ වාසය කළේය.

2 Comments
Most Voted
Newest Oldest