ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ මෝටර් රථය CIDය භාරයට ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට අයත් මෝටර් රථය සිය භාරයට ගෙන ඇත.

මාතර සමූපකාර සංගමයේ රුපියල් කෝටි 1,000කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ ලීසින් වාරික ගෙවීම හේතුවෙන් එම මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන ඇත.

අදාළ මෝටර් රථය මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ලබාදීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත අපොහොසත්වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest