ගෝඨාභය රටින් පිටවෙන්න හදයි

තමාට එරෙහි විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝෂන් පත්‍රයක් ගොනු කර ඇත.

සිංගප්පූරුවේ හෘදරෝග සැත්කමකින් පසුව සිදු කිරීමට ඇති පශ්චාත් ප්‍රතිකාර කටයුතු සඳහා පිටත්ව යාමට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ එමගින් ඉල්ලා ඇත.

මීට මාස හතරකට පමණ පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් නිකුත් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව එම විදේශ ගමන් තහනම නිකුත් කළේය.

0 Comments
Most Voted
Newest Oldest