හදිසි විදුලි බිඳවැටීම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
විදුලි බිඳවැටීමට ප්රධානතම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක සඳහන් කළේ,
“අද උදෑසන ඇති වූ හදිසි තත්ත්වයක් නිසා පද්ධතියේ බිඳ වැටීමක් සිදුවෙලා මුළු දිවයිනටම විදුලිය සැපයීම බාධාවක් ඇති වෙලා විදුලි සැපයුම බිඳ වැටුණා. ජාතික පද්ධති ක්රියාකරු හැටියට අපි ඒ මේ වෙනකොට පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා.
අපි හිතනවා ඉතා ඉක්මනින් කොටස් වශයෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.
ඒ වගේම අපි මේ වෙලාවේ විශේෂයෙන්ම වහල මත සූර්ය පැනල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමට උපකාරී වන ලෙස ඔවුන්ගේ වහල මත සූර්ය පැනල ස්විච් ඕෆ් කරන්න කියලා.
අපිට තවමත් ප්රධාන හේතුව මොකක්ද කියලා සොයා ගන්න බැහැ. නමුත් අපි මූලික වශයෙන් මේ වෙලාවේ වැඩි අවධානයක් යොමු කරන්නේ ලංකාවටම ඉතා ඉක්මනින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන්න.
ඊයේ දවසේ අප කොත්මලේ එක ප්ලාන්ට් එකක ගැටලුවක් පැනනැගිලා ඒ ප්ලාන්ට් එක බිඳ වැටුණා. ඒ නිසා මේ පද්ධතියේ අසමතුලිතතාවය හැදුනද.? එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටුණද කියන එක කරුණු පිළිබඳ අපි සොයමින් ඉන්නවා.
නමුත් අපි හිතනවා අපි ඉතා ඉක්මනින් මේ ගැටලුව විසඳන්න පුළුවන්. විශේෂයෙන් එක කොටසක විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දැනටමත් පුළුවන්කම ලැබුණා. අපි හිතනවා ඒ වගේ කොටස් වශයෙන් මුළු ලංකාවටම ඉතා ඉක්මනින් විදුලි සැපයුම නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.”
