හදිසි විදුලි බිඳවැටීමෙන් බලපෑමට ලක්වූ ප්රදේශ වලින් 50%ක පමණ විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම සඳහන් කරයි.
මේ අතර ඇතිවූ හදිසි විදුලි බිඳ වැටීම සවස 6.30 වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.
එමෙන්ම ඇතැම් බලාගාර බිඳ වැටී ඇති බවට පළවන පුවත්වල සත්යතාවයක් නොමැති බවත් පවතින තත්ත්වය හමුවේ ගල් අඟුරු බලාගාරය පමණක් නිසි ක්රමවේදය අනුව ක්රියා විරහිත කර ඇති බව එම සමාගම සඳහන් කරයි.
