කොළඹ විහාර මහා දේවී උද්යානයේ සත්යග්රහයේ නිරතව සිටි බලංගොඩ කස්සප හිමිට පහරදීමක් සිදු කළ බවට ප්රකාශ කරමින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළේය.
අනතුරුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන ආ බලංගොඩ කස්සප හිමියන් වැඩිදුර ප්රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී තමාට අසනීපයක් නොමැති බව පෙන්වා ස්වකැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් ඇත.
බලංගොඩ කස්සප හිමියන් රෝහලට රැගෙන ආ පසුව අවශ්ය මූලික ප්රතිකාර සහ මූලික වෛද්ය පරීක්ෂණ සිදුකර ඇති අතර පසුව වැඩිදුර ප්රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් විය යුතු බවට දැනුම් දුන් අවස්ථාවේදී, තම කැමැත්තෙන් රෝහලෙන් පිටව යන බවට සඳහන් කර අදාළ ලේඛන වලට අත්සන් තබා පිටව ගොස් ඇත.
උන්වහන්සේ රෝහලට පැමිණි කාරණාව සම්බන්ධව වෛද්යවරුන් විසින් පරීක්ෂා කර එක්ස් කිරණ පරීක්ෂණයන්, අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයන් සහ උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදුකර ඇති අතර ඒවායේ කිසිදු වැරැද්දක් ඇති බවට එම අවස්ථාවේදී සලකුණු සටහන් වී නොමැත.
කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කළේ,
“අද දින පස්වරු 8.30ට පමණ ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසු ප්රතිකාර තවදුරටත් අනවශ්ය බව දන්වා රෝහලින් බැහැරව ගොස් තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ පැමිණි කාරණාව සම්බන්ධව අදාළ වෛද්යවරු විසින් පරීක්ෂා කර බලා අදාළ විකිරණ පරීක්ෂණයන් අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයන්, ඒ වගේම උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදුකරලා බලලා තියෙනවා ඒවායේ කිසිදු වරදක් ඇති බවට ඒ අවස්ථාවේදී සලකුණු සටහන් වෙලා නෑ. ඒ වගේම උන්වහන්සේගේ හිසට පහර වැදුණු බවට පැවසීම නිසා වෛද්යවරු යෝජනා කරලා තිබුණා හදිසි අනතුරු වාට්ටුවකට ඇතුළත් වෙලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට, නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබා ගැනීමේ අවශ්යතාව උන්වහන්සේට දැනුම්දීලා තිබුණා. නමුත් උන්වහන්සේ එම ප්රතිකාරයන් අවශ්ය නොවන බව පවසා පැයකට පමණ පසු රාත්රි 9.30ට පමණ ශ්රී ලංකා ජාතික රෝහලින් බැහැරව ගිය බවට වාර්තා වෙනවා.”
