ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් “හරක් කටා” නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ වරුෂ හැන්නදිගේ අරුණ ශ්රී චතුරංග පසුගිය ජුනි (25) වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේය.
අනතුරුව එම සැකකරුවන් අවස්ථා කිහිපයකදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් එම සැකකරුවන් තිදෙනාට වෙන් වෙන්ව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම කරමින් පසුගිය ජුලි (28) වැනිදා ඇප නියම කළේය.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනාට මේ වනවිට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය දුන් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත.
එම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
