පාසල් ළමුන්ට අයිස් පැකට් හරහා මත්ද්‍රව්‍ය.. ජීවිත අනතුරේ

දිවයින පුරා පාසල් සහ උපකාරක පන්ති ආශ්‍රිතව අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු මත්ද්‍රව්‍ය බෙදාහැරීම පිළිබඳව පොලීසිය අවධානයෙන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.

අයිස් පැකට්, බොම්බේ මොටයි සහ සාරවිට වැනි දෑ හරහා මත්ද්‍රව්‍ය ලබාදීමේ සිදුවීම් පිළිබඳව විමසිල්ලෙන් සිටින අතර ඒවා වැළැක්වීම සඳහා බුද්ධි නිලධාරීන් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පසුගිය 2025 ඔක්තෝබර් (30) වැනිදා සිට මේ දක්වා ළමුන් 11,131 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර ගැහැණු ළමුන් 233 දෙනෙකු සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

තවද පාසල් දරුවන්ගේ ආහාර පුරුදු, හැසිරීම, කතාබහ සහ මිතුරු සබඳතා වෙනස් වන්නේ නම් ඒ පිළිබඳව දෙමාපියන් අවධානය යොමු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,

“අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් මේක අහගෙන ඉන්නවා නම්, තම දුවගේ හෝ පුතාගේ හැසිරීමේ, කතාබහේ සහ සම්බන්ධතා තුළ වෙනසක් තිබෙනවාද කියලා අවධානය යොමු කළ යුතුයි. දරුවා ඉස්සර කෑම කෑ විදිහට නොවෙයි දැන් කන්නේ, ඉස්සර අම්මා තාත්තා කියන දේ අහගෙන හිටියාට වඩා වෙනස්ව හැසිරෙනවා, ඉස්සර ඇසුරු කළ මිතුරන් වෙනුවට වෙනත් මිතුරන් ඇසුරු කරනවා නම් ඒ වෙනස්කම් ගැන දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි.“

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel