බිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 150ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකින් දකුණු ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී කිලෝග්‍රෑම් 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

අද (05) දින උදෑසන අදාළ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර එහිදී උර 10ක තිබූ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කෙරුණි.

අදාළ මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 100කට අධික හෙරොයින් ප්‍රමාණයක් සහ කිලෝ 50කට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබුණු බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර සඳහන් කරයි.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3කට අධික බවද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel