TIN අංකය ක්‍රියාත්මක කිරීම කල් යයි.. හදිසි තීරණයක්

TIN අංකය අනිවාර්යය අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමට 2027 වසරේ අප්‍රේල් මස (01) වනදා දක්වා කල් දැමීමට තීරණය කර ඇත.

මේ මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි, නිශ්චිතව සඳහන් කර ඇති ගනුදෙනු වර්ග අටෙන් ඕනෑම ගනුදෙනුවක නිරත වන පුද්ගලයකු, වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකය ඉදිරිපත් කිරීමට අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සියලුම නිලධාරීන් වෙත දැනුම්දී ඇත.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුවල නිරත වන පුද්ගලයන්ගෙන් මෙන්ම වෙනත් පුද්ගලයන්ගෙන්ද TIN සහතකිය සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව 2027 වසරේ අප්‍රේල් මස (01) වනදා දක්වා කල්දැමීමට තීරණය ගෙන ඇත.

මෙම දීර්ඝ කරන ලද කාලසීමාව තුළ දැනටමත් TIN අංකය සඳහා ලියාපදිංචිවී ඇති පුද්ගලයින්ට එය වඩාත් පහසු ක්‍රමවේදයන් ඔස්සේ ලබාගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රමවේදයන් හඳුන්වාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel