පාපන්දු ඉතිහාසයේ බිහිවූ දක්ෂතම ක්‍රීඩකයෙකු වන 41 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
මෙම නොවැම්බර් මස යෙදී ඇති ජාත්‍යන්තර තරග විරාමයෙන් අනතුරුව තමන් පෘතුගාල ජාතික කණ්ඩායමේ ‘අංක 7 ජර්සිය ආපසු භාර දෙන’ බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සඳහන් කරයි.
සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා වීඩියෝ පටයක් නිකුත් කරමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.
2003 වසරේදී කසකස්තානයට එරෙහිව එවක 18 හැවිරිදි යෞවනයකු ලෙස පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කරමින් රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසියේය.
එතැන් පටන් වසර 23ක ජාත්‍යන්තර පාපන්දු දිවිය තුළ ඔහු පෘතුගාලය වෙනුවෙන් තරග 234කට සහභාගි වී ගෝල 146ක් වාර්තා කිරීමට සමත් විය.
