සිමෙන්ති කිලෝග්රෑම් 50ක කොට්ටයක මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන ඇත.
ඒ අනුව කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව අදාළ සමාගම් සඳහන් කරයි.
මේ වනවිට රුපියල් 2,100ත් 2,250ත් අතර මිල ගණන් යටතේ පැවති සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,200ත් 2,350ත් අතර මිල දක්වා ඉහළ ගොස් ඇත.
