අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සිය තනතුරෙන් ඉවත් කිරීම සඳහා නියෝජිත මන්ත්රී මණ්ඩලයේ ඩිමොක්රටික් නායක හකීම් ජෙෆ්රීස් (Hakeem Jeffries) තීරණය කර ඇති බව වාර්තා වේ.
ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සිය බලය අවභාවිත කර ඇති බවත් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බවත් ඉරානය තුළ කිසිදු වගකීමකින් තොර සහ විශාල පිරිවැයක් යන යුද්ධයක් හිතාමතාම නිර්මාණය කර ඇති බව ඩිමොක්රටික් නායක හකීම් ජෙෆ්රීස් සඳහන් කර ඇත.
“මම හෙග්සෙත්ට එරෙහි යෝජනාවට සම්පූර්ණයෙන්ම පක්ෂයි. පීට් හෙග්සෙත් අනිවාර්යයෙන්ම යා යුතුයි.“
තමා ඇතුළු පිරිස වැඩ කරන්නේ ඩොනල්ඩ් ට්රම්ප් වෙනුවෙන් නොව අමෙරිකානු ජනතාව වෙනුවෙන් බවද ඩිමොක්රටික් නායක හකීම් ජෙෆ්රීස් සඳහන් කර ඇත.
ඩිමොක්රටික් නායක හකීම් ජෙෆ්රීස් (Hakeem Jeffries) මන්ත්රී මණ්ඩලයේ පළමු කළු ජාතික කථානායකවරයා බවට පත්වීමට නියමිතව ඇත.
මේ අතර හෙග්සෙත් තනතුරෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමා සැලසුම් කර ඇති බවත් එමගින් ඔහු ධූරයෙන් ඉවත් කිරීමට මග පෑදිය හැකි බව, තනතුරෙන් ඉවත්ව යන රිපබ්ලිකන් කොංග්රස් මණ්ඩල සභිකයෙකු වන තෝමස් මැසී සඳහන් කරයි.
