ජනතාව වෙනුවෙන් අලුත් වු නෙවිල් ප්‍රනාන්දු රෝහල

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය යටතේ නවීකරණය කරන ලද මාලඹේ පිහිටි ‘වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල (09) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් නිල වශයෙන් විවෘත කළේය.

භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ ජනතා යහපත උදෙසා ප්‍රශස්ත ලෙස යොදාගැනීමේ රජයේ වැඩපිළිවෙළට මෙම පියවර කදිම නිදසුනක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක සමග එක්ව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිවීමෙන් පසු මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව 2017 වසරේ සිදුවූ පවරා ගැනීමෙන් පසු පැවැති තාවකාලික පාලන ක්‍රමය වෙනුවට, නව දෙමුහුන් මෙහෙයුම් රාමුවක් යටතේ රෝහලේ අයිතිය මහා භාණ්ඩාගාරයට සම්පූර්ණයෙන්ම හිමි සමාගමක් යටතට පවරා, එහි දෛනික මෙහෙයුම් වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා දී ඇත.

මෙම නව පියවර හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිය සාමාජිකයින් වෙනුවෙන් විශේෂිත වූ රෝහලක අවශ්‍යතාව සපුරාලීම මෙන්ම, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ලක්ෂ 50කට ආසන්න ජනතාවකට පවතින තෘතීයික මට්ටමේ සෞඛ්‍ය සේවා හිඟයට මෙම රෝහල කදිම විසඳුමකි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel