සී.බී.රත්නායකට එරෙහි නඩුවේ විමර්ශන අවසන්.. මොකද වෙන්නේ.?

මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණ චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය සී.බී. රත්නායකට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව හිටපු අමාත්‍ය සී.බී. රත්නායකට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීමෙන් අනතුරුව සිද්ධියට අදාළ වැඩිදුර වර්තා කැඳවීම වෙනුවෙන්, පෙබරවාරි (23) වැනිදා නඩුව යළි කැඳවීමට දින නියම කළේය.

රුපියල් ලක්ෂ 573ට අධික මුදලක් අයථා ලෙස ඉපැයු බවට චෝදනා කරමින්, අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ මෙම නඩුව පවරා ඇති අතර සැකකාර හිටපු අමාත්‍යවරයා මේ වනවිට ඇප මත මුදාහැර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel