කස්සප හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇත.

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව අද (11) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

නඩුව විභාගයට ගත් අවස්තාවේදි බලංගොඩ කස්සප හිමි ඇතුළු නඩුවේ නම් සඳහන් තවත් කිහිපදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට නොමැත.

ඒ අනුව බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අධිකරණය, නඩුවේ වැඩිදුර විභාගය 2027 ජනවාරි (06) වැනිදා දක්වා කල් දමා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel