හෝමාගම මූලස්ථාන පොලිසියේ ලොක්කාට මිනීමැරීමේ චෝදනා

පොලිස් අත්අඩංගුවේදී සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින හෝමාගම මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ නඩු ගොනුකිරීමට පොලිසිය (12) දින පියවර ගනු ලැබීය.

පොලිස් අත්අඩංගුවේදී සිටියදී මියගිය තරුණයා සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි සාක්ෂිකරු පළමුවරට අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත්කර සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාව හඳුනාගැනීමට සාක්ෂිකරුට හැකිව ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel