ජනතාවගෙන් ගුටිකෑ කස්සප හිමි රිමාන්ඩ්

අනුරාධපුරය, රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්‍යග්‍රහ භූමියේ සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස සමඟ රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු ගිහි පිරිසක් පැමිණ බහින්බස් වීමක් සිදුවිය.

එම අවස්ථාවේදී කස්සප හිමි ඇතුළු පිරිස උපවාසය පැත්තකට දමා එල්ල කළ පොලු ප්‍රහාරයකින් රාජාංගනයේ සද්ධාරතන හිමිගේ ඔළුව පැලී ලේ ගලන්නට වුණි.

අනතුරුව ජාතිවාදී කෝලහාලයක් ඇති කිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක නිරතව සිටි බලංගොඩ කස්සප හිමිට එරෙහිව දහස් ගණන් ජනතාව අනුරාධපුර විරෝධතා භූමියට පැමිණියේය.

එලෙස පැමිණි ජනතාව විරෝධතා භුමියේ තිබු අට්ටාල ගලවා ඉවත් කරමින් එහි සිටි පිරිසට පහරදී එලවා දැමු අතර අනතුරුව එහි තිබු බුද්ධ ප්‍රතිමාවද එම ස්ථානයෙන් ඉවත් කළේය.

අනතුරුව රාජාංගනයේ සද්ධාරතන හිමිට පහරදීම සහ එම ස්ථානයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තේය.

අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බලංගොඩ කස්සප හිමි ඇතුළු හත් දෙනෙක් ලබන (26) වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) රාත්‍රියේ නියම කළේය.

රිමාන්ඩ් කළ පිරිස අතර හාමුදුරුවරු හතර දෙනෙක් සහ ගිහි තිදෙනෙක් සිටිති.

පසුගිය දින කිහිපයේම වීඩියෝ දර්ශන ලබා ගනිමින් විමර්ශනයක් සිදු කරන බවත් කස්සප හිමි නීතියට අවනත නොවී අධිකරණයටද අපහාද කරමින් කටයුතු කරන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

තවද, බලංගොඩ කස්සප නමින් පෙනී සිටින්නේ සත්‍ය වශයෙන්ම භික්ෂූන් වහන්සේ නමක්ද යන්න ගැනද විමර්ශනය කරන බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර පොලු ප්‍රහාරයක් හේතුවෙන් තුවාල වු රාජාංගනයේ සද්ධාරතන හිමි මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel