ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන එකහමාරකට අධික විෂ මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සඳහන් කරයි.
දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ‘යසිරු පුතා’ නැමැති ධීවර යාත්‍රාව පසුගිය (11) වැනි දින නාවික හමුදාව සිය භාරයට ගනු ලැබීය.
එහිදී එම යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකුද නාවික හමුදාව සිය භාරයට ගනු ලැබූ අතර පසුව එම යාත්‍රාව සහ ධීවරයින් පිරිස අද (13) දින උදෑසන ගාල්ල ධීවර වරායට රැගෙන එනු ලැබීය.
අද (13) එම යාත්‍රාව ගාල්ල ධීවර වරායට රැගෙන ඒමෙන් අනතුරුව එහි නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,
“නාවික හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙන්නේ මිරිස්ස ධීවර වරායෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් පිරිසක්. ඒකේ සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත්තා ඒ යාත්‍රාවත් සමගම.
එහි දැනට තියෙන තොරතුරු අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සනාථ කරගෙන තියෙනවා සිදුකර පරීක්ෂණ මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 60කට කිට්ටුව ඇති කියලා. ඒ වගේම අයිස් මත්ද්‍රව්‍යත් කිලෝ 50කට වැඩියි.
සම්පූර්ණයෙන් ගත්තොත් කිලෝග්‍රෑම් 110කට වැඩි විෂ මත්ද්‍රව්‍ය තියෙනවා. මේකේ මිල ගත්තොත් වීථිවල මිල අනුව ගත්තාම රුපියල් බිලියන එකහමාරකට වඩා වැඩි ප්‍රමාණයක් වගේ දැනට නිශ්චය කරන්න පුළුවන්. නමුත් මේක දැනට සිදුකරන පරීක්ෂණ අනුව වෙනස් වෙන්න පුළුවන්.“
