2027 නව අයවැයෙන් වාහන ආනයනය සඳහා සහනයක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශයක් කරයි.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලබන වසරේ අයවැය තුළින් වාහන ආනයනය සඳහා යම් සහනයක් සිය සංගමය බලාපොරොත්තු වූ බව එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගූ සඳහන් කරයි.
එහෙත් වාහන ආනයනය සඳහා කිසිදු සහනයක් නොලැබීම හේතුවෙන් වාහන මිල ගණන් අඩුවීමක් සිදු නොවන බවද සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගූ සඳහන් කරයි.
වාහන ආනයනය සඳහා සහනයක් ලබා නොදෙන්නේ කුමන හේතුවක් මතද යන්න සිය සංගමය විසින් මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළ බවද උප සභාපති අරෝෂ රොද්‍රිගූ සඳහන් කරයි.
එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගූ සඳහන් කළේ,
“අපි බලාගෙන හිටියා මේ සැරේ අයවැයෙන්වත් අපිට සහනයක් දෙයිද කියලා. නමුත් ඒ බලාපොරොත්තු සියල්ල කඩ කරමින් කිසිම වෙනසක් කරලා නෑ වාහන ආනයන බදු ප්‍රතිපත්තියේ.
ඒ පනවපු බදු, ඒ පනවපු අධිභාර දිගටම පවත්වාගෙන යනවා කියන එක තමයි නැවතත් ප්‍රකාශ කළේ. අපි මුදල් අමාත්‍යාංශයෙනුත් ඇහුවා ඇයි අපිට කිසිම සහනයක් දෙන්නේ නැත්තේ කියලා.
නමුත් ඒගොල්ලෝ කිව්වේ මේ වෙලාවේ තියෙන ඩොලර් පිළිබඳ ප්‍රශ්නයත්, මැදපෙරදිග තියෙන යුදමය තත්ත්වය නිසාත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය මත වාහන ආනයනයත් ලොකු දෙයක් නෙමෙයිද කියන එක තමයි අපෙන් ඇහුවේ.
ඇත්තටම ගොඩ දෙනෙක් වාහනයක් ගන්න වුවමනාවක් තියෙන අයත් බලාගෙන හිටියා වාහනයක් නොගෙන මේ බජට් එක වෙනකන්. නමුත් අපි හිතුවා ඒ කස්ටමර්ස්ලා ඇවිල්ලා වාහනයක් ගනී කියලා.
මමත් දන්න ගොඩදෙනෙක් හිටියා වාහනයක් ගන්න එක නවත්වලා මේ බජට් එකෙන් සහනයක් දෙයි කියලා. නමුත් දැනට තියෙන තත්ත්වය කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා කිසිම වෙනසක් නෑ කියලා.“
