ජනතාවගේ පරිහෝජනයට සුදුසු ලෙස සිය අයිස්ක්‍රීම් නිෂ්පාදන සිදු කරන්නේද, යන්න පරීක්ෂා කිරීම සඳහා අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතන රැසකින් සාම්පල් කැඳවා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
කාර්මික තාක්ෂණ ආයතනයේ සහාය ඇතිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම සාම්පල් පරික්ෂාව සිදු කරන අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ද ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් හරහා වෙළෙඳපොළේ ඇති ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කරමින් අධිකරණයට කරුණු වාර්තා කිරීම ආරම්භ කර ඇත.
1980 අංක 26 දරන ආහාර පනත හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS 223:2017) නිර්ණායකයන්ට අනුව, Òඅයිස්ක්‍රීම්Ó ලෙස නම් කර වෙළෙඳපොළට නිකුත් කරන නිෂ්පාදනවල නිශ්චිත කිරි මේද ප්‍රතිශතයක් තිබිය යුතුයි.
නියමිත කිරි මේද ප්‍රමාණය නොමැතිව එළවළු තෙල් (vegetable fat) භාවිතයෙන් සාදන නිෂ්පාදන Òඅයිස්ක්‍රීම්Ó ලෙස හැඳින්වීම නීතිවිරෝධි වන අතර ඒවා Frozen Dessert ලෙස ලේබල් කළ යුතු බව සෞඛ්‍ය අංශවල මතයයි.
