කාති උසාවියේ විනිසුරුවරයා සහ බිරිඳ අත්අඩංගුවට

කොළඹ උතුර කාති උසාවියේ විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් 65,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කොළඹ උතුර කාති උසාවියේ විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම කොළඹ උතුර කාති උසාවියේ ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත්තේ ද විනිසුරුවරයාගේ බිරිඳ බවට අල්ලස් කොමිසම විසින් අනාවරණය කර ඇත.

දික්කසාද නඩුවකට අදාළ තීන්දුවක් කිසිදු ප්‍රමාදයකින් තොරව කඩිනමින් ලබාදීම සඳහා ඔවුන් විසින් මෙම අල්ලස් මුදල් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම වැටළීම සිදුකර ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ අද (19) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel