කෝටි 1800ක ගල්අඟුරු පාඩුව අයකර ගන්නවා

නීතිමය කටයුතු අවසන් කළ වහාම ගල්අඟුරු පාඩුවට අදාළ රුපියල් කෝටි 1,800කට ආසන්න මුදලක් අයකර ගන්නා බව වරාය, නාවික, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

ප්‍රශ්නගත ගල්අඟුරු සම්බන්ධයෙන් අදාළ සැපයුම්කාර සමාගමේ රුපියල් කෝටි 1,800කට ආසන්න මුදලක්, එනම් බිලියන 18ක් මේ වනවිට රදවාගෙන සිටින බවද අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නය 2026දී ආපු එකක්. ඒක ආපු වෙලාවේ ඉදලම පැහැදිළිවම කියනවා, කිසි ලෙසකින් මේ පාඩුව විදුලි පාරිභෝගිකයා මත පටවන්න රජය කටයුතු කරන්නේ නෑ කියලා.

ඒකට අදාළ මුදල බිලියන 18කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් අපි රදවාගෙන තියෙනවා. ආදාළ නීතිමය කටයුතු සම්පුර්ණ කරාට පස්සේ අපි ඒ අලාභය අයකර ගැනීම සඳහා කටයුතු කරනවා.”

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel