මාතලේ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද (20) දින අලුයම මරණයට පත්ව ඇත.
මරණයට පත්ව ඇත්තේ අම්පිටිය, මහනුවර පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයක් වන අතර ඔහු ඊයේ (19) මාතලේ හිත්ගොල්ල ප්‍රදේශයේදී අයිස් මිලිග්‍රෑම් 3,010ක් ළඟ තබා ගැනීමේ වරදට සැකපිට මාතලේ පොලිස් දූෂණ මර්දන අංශයේ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ සිද්ධියකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන මාතලේ පොලිස් ස්ථානයේ අංක එක සිර මැදිරියේ රඳවා සිට ඇති අතර පසුව හදිසියේ රෝගාතුර වීමෙන් ඔහු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණද, ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙකු බවත් මහනුවර, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු පොලිස් ස්ථාන 10ක පමණ ඔහුට විරුද්ධව මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු පවතින බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
