ක්‍රිෂ් ගනුදෙනුව.. ජානකී හිටපු තැනටම

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස (01) වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) දින අල්ලස් කොමිසමට නියම කළේය.

සැකකාර ජානකී සිරිවර්ධන දෙසැම්බර් මස (01) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ සිටියේ නම් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙහිදී නියෝග කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel