ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩක විභව් සූර්යවංශි ක්‍රිකට් පිටියේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් නව වාර්තා දෙකක් පිහිටුවා ඇත.
ඒ අනුව ‘ඒ’ කණ්ඩායම් අතර ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය සහ වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කරමින් මෙම වාර්තා දෙක පිහිටුවා ඇත.
කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැත්වෙන නැගී එන ආසියානු කුසලාන තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයේදීයි ඔහු මෙම වාර්තා පිහිටුවා ඇත.
සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ විභව් සූර්යවංශි පන්දු 53කදී නොදැවී ලකුණු 204ක් රැස් කිරීමට සමත් විය.
හයේ පහර 28කින් සහ හතරේ පහර 7කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිමට පන්දු 28කදී වාර්තා කළ ශතකයක් ද ඇතුළත් වේ.
සූර්යවංශිගේ අතිවිශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සමත් විය.
