පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන ජාතික දැක්මට අනුරෑපව ක්‍රියාත්මක කරන “ක්ලීන් ශ්‍රී ලංකා අත්තම” ජාතික වැඩසටහනේ සිව්වැනි අදියර අද (28) දින දිවයිනේ සියලු ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සමස්ත වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබන අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රජා සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, දිවයිනේ සියලු පළාත් පාලන ආයතන මෙන්ම ප්‍රාදේශීය, නගර සභා හා මහ නගරසභා ඇතුළු රාජ්‍ය ආයතන රැසක දායකත්වය ලැබී තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ පවිත්‍ර දේශයක් සඳහා ජාතික පුරවැසි මෙහෙවර යන තේමාව පෙරදැරි කරගෙන ප්‍රජා සහභාගීත්වය තුළින් “දැකුම්කළු දිවයිනක් – සොම්නසින් පිරි ජනතාවක් ” බිහිකිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි.
රාජ්‍ය හා මහජන හවුල්කාරීත්වය (4P) සංකල්පය මත පදනම්ව ක්ලීන් ශ්‍රී ලංකා අත්තම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය දීප ව්‍යාප්තව සාර්ථක අයුරින් අදියර තුනක් ක්‍රියාත්මක කෙරේ.
මෙවර වැඩසටහනේදී ප්‍රමුඛත්වය ලබාදෙන්නේ, කානු හා බෝක්කු වලට එකතු වන ජලය පහසුවෙන් බැස යාමට අවශ්‍ය වටපිටාව සැකසීමය. කානු පද්ධති පිළිසකර කිරීම හා ප්‍රතිසංස්කරණය ද මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි.
